ආර්ය අෂ්ඨාංගික මාර්ගය (මැදුම් පිළිවෙත)
මධ්‍යම
ප්‍රතිපදාව යන්නෙහි ධර්මාර්ථය එකෙකි, වචනාර්ථය අනෙකෙකි. සමහරු ධර්මය පිළිබඳ වචනවලට
පවා ධර්මාර්ථය ගැන නො සලකා වචනාර්ථය අනුවැ අර්ථ දෙන්නට ගොස් මහජනයාට වැරදි හැඟීම්
දෙන බව දැනගන්නට ලැබෙයි. ධර්මය පිළිබඳ කරුණුවලදී ව්‍යඤ්ජනඡායාව ම ගැනීම ධර්මන්‍යාය
නොවන බැවින් එයින් කියැවෙන ධර්මාර්ථයට බුදුරජාණන් වහන්සේ ගේ අදහස සලකා ම අර්ථ දිය
යුතු ය.
මධ්‍යම
ප්‍රතිපදා යනු ඉතා දීර්ඝ විසිතුරු ඉතිහාසයක් ඇති වචනයෙකි. අවුරුදු දෙ දහස්
පන්සියයකටත් අධික ඉතිහාසයක් ඇති වචනයෙකි. ආරම්භය බරණැස ඉසිපතනයෙහි පැවැත්වුණු
බුදුරජාණන් වහන්සේ ගේ මංගල ධර්ම දේශනය යි. පරිණාමවාදය අනුවැ සලකා බලන විට වචනයක්
වුව ද අවුරුදු දෙ දහස් පන්සියයක් යන විට නොයෙක් බෙදුම් හා නොයෙක් තේරුම් ඇති වී
පැතිරී යෑම ස්වභාවයෙකි. මධ්‍යම ප්‍රතිපදාව යන වචනය ද මුල් අදහස අමතක වන තරමට
විනාශයට පැමිණ තිබෙන බව කිව හැකි ය. එය කොතරම් දුරට ගියා දැ යි කිව හොත් ඇතැම්
දේශපාලනඥයන් පවා “අප
දේශපාලනය කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුව යැ” යි කියමින් මධ්‍යම ප්‍රතිපදාව
දේශපාලනයටත් ඈඳගෙන ඇත.
වචනාර්ථය
අනුවැ නම් “මධ්‍යම
ප්‍රතිපදාව”
යන්න කවර කරුණක් හා සමඟ වුව ද යෙදිය හැකි ය. එහෙත් මෙහි වැඩි දෙනා කල්පනා නොකරන
බලවත් වරදක් වෙයි. එ නම් යටැ කී මධ්‍යම ප්‍රතිපදා ගැන කථා කරන බොහෝ දෙනා අප මේ
කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මධ්‍යම ප්‍රතිපදාව අනුව යැ යි කීම ය.
බුදුරජාණන්
වහන්සේ ගේ මධ්‍යම ප්‍රතිපදාව උන් වහන්සේ ම දේශනා කොට ඇති හෙයින් ඒ ඒ අයට තමන් තමන්
කැමැති පරිදි ඒ ඒ අත හරවා දක්වනු නොහැකි වෙයි. එය එකම ප්‍රතිපදාව යි. එනම්, ආර්ය
අෂ්ටාංගික මාර්ගය යි, මෝක්‍ෂ මාර්ගය යි.
බුදුරජාණන්
වහන්සේ උපන් කාලයෙහි දඹදිව වැසියෝ සීමාන්තික ක්‍රම දෙකකට ජීවත් වූහ. සමහරු මෝක්‍ෂය
ගැන සිතීම් මාත්‍රයකුදු නැති වැ සුඛෝපභෝගී ජීවිත ගත කළ හ. සමහරු මෝක්‍ෂය ලබන්නට ය
යි කියමින් නොයෙක් දුෂ්කර ව්‍රතයන්හි යෙදුණ හ. සිද්ධාර්ථ කුමාරයෝ ද අවුරුදු විසි
නවයක් මුළුල්ලේ ඉතා උසස් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ හ. එයින් මොහොතින් මොහොත ම
කෙලෙසුන් වැඩෙනවා විනා තැවීමක් නොවන බව සිද්ධාර්ථ කුමාරයෝ අත්දැකීමෙන් ම අවබෝධ
කැරගත් හ. අනතුරු වැ මෝක්‍ෂය සඳහා නැමුණු බෝසතාණෝ සියලු සැපත් හැර දමා පැවිදි වූ
හ. එ කලැ පැවිදි වූවන් ගේ විශ්වාසය වූයේ මෝක්‍ෂය ලබනු පිණිස දුෂ්කර ව්‍රත රැක්ක
යුතු බව ය. දුක් නැති කිරීමට තමා ගේ කයට දුක් දිය යුතු යැ යි ඔවුහු විශ්වාස කළ හ.
ඒ විශ්වාස පිළිගත් බෝසතාණෝ ද නොයෙක් දුෂ්කර ක්‍රියාවන්හි යෙදුණ හ. අවුරුදු සයක් ගත
විය. ශරීරය තැවීමක් විනා එයින් කෙලෙසුන් තැවීමක් නොවන බව උන් වහන්සේ වටහාගත් හ.
මෙසේ
සුඛෝපභෝගී ජීවිතය, දුෂ්කර ක්‍රියාවන්හි යෙදීම ය යන දෙකෙළවර ම මෝක්‍ෂ මාර්ගය නොවන
බව වටහාගත් බෝසතාණෝ හොඳට ම සැප පහසුත් නොවන හොඳට ම දුකත් නොවන ජීවිතයක් ගත
කෙරෙමින් ශීල - සමාධි - ප්‍රඥා යන ගුණ කඳු සපුරා උතුම් වූ බුදු බවට පැමිණිය හ. යටැ
කී දෙකෙළවරට නොපැමිණ මෝක්‍ෂ මාර්ගය බුද්ධාගමයෙහි සඳහන් වන මධ්‍යම ප්‍රතිපදාව යි.
බුදුරජාණන්
වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ය, ඒකායන මාර්ග ය, විශුද්ධි මාර්ග යැ යි සොයා දැක්වූ ආර්ය
අෂ්ටාංගික මාර්ගයෙහි අංග (අවයව) අට කවරේද යත්: සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා
වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනු යි.
1.
දුක
පිළිබඳ ඥානය, දුක හටගැනීමේ හේතුව පිළිබඳ ඥානය, දුක නිවීම පිළිබඳ ඥානය, දුක නිවීමේ
මඟ පිළිබඳ ඥානය යන චතුරාර්ය සත්‍යයන් පිළිබඳ නුවණ සම්මා දිට්ඨි නම් වෙයි.
2. කාමයන් ගෙන් නික්මෙන කල්පනාව ය, ව්‍යාපාදයෙන්
නික්මෙන කල්පනාව ය, හිංසාවෙන් නික්මෙන කල්පනාව ය යන නිවැරදි කල්පනයෝ සම්මා
සංකප්ප නම් වෙති.
3. බොරු කීමෙන් වැළැකීම, කේළාම් කීමෙන්
වැළැකීම, පරුෂ වචනයෙන් වැළැකීම, සම්‍යක් ප්‍රලාපයෙන් වැළැකීම යන චතුර්විධ වාග්
සුචරිතය සම්මා වාචා නම් වේ.
4. සතුන් මැරීමෙන් වැළැකීම, සොරකම් කිරීමෙන්
වැළැකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැකීම යන ත්‍රිවිධ කාය සුචරිතය සම්මා කම්මන්ත
නම් වේ.
5. ගිහියන් ගේ වශයෙන් ත්‍රිවිධ කාය
දුශ්චරිතයෙහි හා චතුර්විධ වාග් දුශ්චරිතයෙහි ද යෙදී කැරෙන මිථ්‍යාජීවයෙන් ද
පඤ්චවිධ මිථ්‍යා වෙළෙඳාමෙන් ද තුලාකූටාදියෙන් කැරෙන මිථ්‍යාජීවයෙන් ද, පැවිද්දන්
ගේ වශයෙන් කුහනාලපනාදියෙන් කැරෙන මිථ්‍යාජීවයෙන් ද වැළැකීම සම්මා ආජීව නම්
වෙයි.
6. තමා ගේ සන්තානයෙහි නූපන් (දැනට පහළ වැ
නැති) අකුශල ධර්මයන් ඇති නොවනු පිණිස උත්සහ දැරීම ය, දැනට පහළ වැ තිබෙන අකුශල
ධර්මයන් නැති කිරීම පිණිස උත්සහ දැරීම ය, දැනට සන්තානයෙහි පහළ වැ නැති
කුශල ධර්මයන් පහළ කැරැගැනීම පිණිස උත්සහ දැරීම ය, දැනට පහළ වැ තිබෙන කුශල ධර්මයන්
වැඩි දියුණු කිරීම පිණිස උත්සහ දැරීම ය යන චතුර්විධ වීර්යය සම්මා වායාම නම්
වෙයි.
7. කායානුපස්සනාදි සතර සතිපට්ඨානයෝ - සතර
සැදෑරුම් සිහිය - සම්මා සති නම් වේ.
8. කාමයන් ගෙන් හා අකුශල ධර්මයන් ගෙන් ද
වෙන් වැ එක් අරමුණෙක්හි සිත මනා කොට පිහිටුවා ප්‍රථමධ්‍යානාදී ධ්‍යාන උපදවා විසීම
සම්මා සමාධි නම් වෙයි.
මේ
ආර්ය අෂ්ටාංගික මාර්ගය ශීල - සමාධි - ප්‍රඥා යි ස්කන්ධ (රාශි) වශයෙන් කඳු තුනකට
බෙදෙයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන ශීලයට ද, සම්මා වායාම,
සම්මා සති, සම්මා සමාධි යන අංගත්‍රයය සමාධියට ද, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන
අංගද්වයය ප්‍රඥාවට ද ඇතුළත් වෙයි.
Right click & click save link as to Download This Document
1. Arya Ashtangika Margaya - audio - Ven. Kiribathgoda Gnananda Thero
2. Arya Ashtangika Margaya - audio - Ven. Na Uyane Ariyadhamma Maha Thero
1. Arya Ashtangika Margaya - audio - Ven. Kiribathgoda Gnananda Thero
2. Arya Ashtangika Margaya - audio - Ven. Na Uyane Ariyadhamma Maha Thero
Read in English
The Noble Eightfold Path or Middle Path
The Noble Eightfold Path (Pali: ariyo aṭṭhaṅgiko maggo, Sanskrit: āryāṣṭāṅgamārga) is one of the principal teachings of the Buddha, who described it as the way leading to the cessation of suffering (dukkha) and the achievement of self-awakening. It is used to develop insight into the true nature of phenomena (or reality) and to eradicate greed, hatred, and delusion. The Noble Eightfold Path is the fourth of the Buddha's Four Noble Truths; the first element of the Noble Eightfold Path is, in turn, an understanding of the Four Noble Truths. It is also known as the Middle Path or Middle Way.
1. Right View
Right view is the beginning and the end of the path, it simply means to see and to understand things as they really are and to realize the Four Noble Truth. As such, right view is the cognitive aspect of wisdom. It means to see things through, to grasp the impermanent and imperfect nature of worldly objects and ideas, and to understand the law of karma and karmic conditioning. Right view is not necessarily an intellectual capacity, just as wisdom is not just a matter of intelligence. Instead, right view is attained, sustained, and enhanced through all capacities of mind. It begins with the intuitive insight that all beings are subject to suffering and it ends with complete understanding of the true nature of all things. Since our view of the world forms our thoughts and our actions, right view yields right thoughts and right actions.
2. Right Intention
3. Right Speech
4. Right Action
The second ethical principle, right action, involves the body as natural means of expression, as it refers to deeds that involve bodily actions. Unwholesome actions lead to unsound states of mind, while wholesome actions lead to sound states of mind. Again, the principle is explained in terms of abstinence: right action means 1. to abstain from harming sentient beings, especially to abstain from taking life (including suicide) and doing harm intentionally or delinquently, 2. to abstain from taking what is not given, which includes stealing, robbery, fraud, deceitfulness, and dishonesty, and 3. to abstain from sexual misconduct. Positively formulated, right action means to act kindly and compassionately, to be honest, to respect the belongings of others, and to keep sexual relationships harmless to others. Further details regarding the concrete meaning of right action can be found in the Precepts.
Right livelihood means that one should earn one's living in a righteous way and that wealth should be gained legally and peacefully. The Buddha mentions four specific activities that harm other beings and that one should avoid for this reason: 1. dealing in weapons, 2. dealing in living beings (including raising animals for slaughter as well as slave trade and prostitution), 3. working in meat production and butchery, and 4. selling intoxicants and poisons, such as alcohol and drugs. Furthermore any other occupation that would violate the principles of right speech and right action should be avoided.
6. Right Effort
Right effort can be seen as a prerequisite for the other principles of the path. Without effort, which is in itself an act of will, nothing can be achieved, whereas misguided effort distracts the mind from its task, and confusion will be the consequence. Mental energy is the force behind right effort; it can occur in either wholesome or unwholesome states. The same type of energy that fuels desire, envy, aggression, and violence can on the other side fuel self-discipline, honesty, benevolence, and kindness. Right effort is detailed in four types of endeavors that rank in ascending order of perfection: 1. to prevent the arising of unarisen unwholesome states, 2. to abandon unwholesome states that have already arisen, 3. to arouse wholesome states that have not yet arisen, and 4. to maintain and perfect wholesome states already arisen.
7. Right Mindfulness
Right mindfulness is the controlled and perfected faculty of cognition. It is the mental ability to see things as they are, with clear consciousness. Usually, the cognitive process begins with an impression induced by perception, or by a thought, but then it does not stay with the mere impression. Instead, we almost always conceptualise sense impressions and thoughts immediately. We interpret them and set them in relation to other thoughts and experiences, which naturally go beyond the facticity of the original impression. The mind then posits concepts, joins concepts into constructs, and weaves those constructs into complex interpretative schemes. All this happens only half consciously, and as a result we often see things obscured. Right mindfulness is anchored in clear perception and it penetrates impressions without getting carried away. Right mindfulness enables us to be aware of the process of conceptualisation in a way that we actively observe and control the way our thoughts go. Buddha accounted for this as the four foundations of mindfulness: 1. contemplation of the body, 2. contemplation of feeling (repulsive, attractive, or neutral), 3. contemplation of the state of mind, and 4. contemplation of the phenomena.
8. Right Concentration
The eighth principle of the path, right concentration, refers to the development of a mental force that occurs in natural consciousness, although at a relatively low level of intensity, namely concentration. Concentration in this context is described as one-pointedness of mind, meaning a state where all mental faculties are unified and directed onto one particular object. Right concentration for the purpose of the eightfold path means wholesome concentration, i.e. concentration on wholesome thoughts and actions. The Buddhist method of choice to develop right concentration is through the practice of meditation. The meditating mind focuses on a selected object. It first directs itself onto it, then sustains concentration, and finally intensifies concentration step by step. Through this practice it becomes natural to apply elevated levels concentration also in everyday situations.
The Noble Eightfold Path part 1
The Noble Eightfold Path part 2
No comments:
Post a Comment